රටම කලඹන කොමඩු අබිරහස! පවුලක් පිටින් සමුගන්න හේතු වූ රහස් රසායනය ගැන මෙන්න සම්පූර්ණ විස්තරය!
පසුගිය අප්‍රේල් මාසයේ මුම්බායිහි පයිදුනි ප්‍රදේශයෙන් ඇහුණු ඒ අවාසනාවන්ත පුවත කාටවත් අමතක නැහැ.
රාත්‍රී කෑමෙන් පස්සේ රස බලන්න කොමඩු කාපු එකම පවුලේ සාමාජිකයින් හතර දෙනෙක් දරුණු ලෙස වමනය කරලා මියගිය සිදුවීම මුළු ඉන්දියාවම කම්පා කළා. මුලින්ම හැමෝම හිතුවේ මේක සාමාන්‍ය ආහාර විෂ වීමක් කියලා වුණත්, දැන් ලැබිලා තියෙන අධිකරණ වෛද්‍ය රසායනාගාර වාර්තාව (FSL) ඇස් උඩ යන කරුණු කිහිපයක් හෙළි කරලා තියෙනවා.
අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව, මියගිය සිව්දෙනාගේම අක්මාව, වකුගඩු සහ ප්ලීහාව ඇතුළු අභ්‍යන්තර අවයවවල මෙන්ම උදර මේදයේත් "සින්ක් ෆොස්ෆයිඩ්" (Zinc Phosphide) තිබී හමු වී තිබෙනවා.
ඔබ දන්නවාද සින්ක් ෆොස්ෆයිඩ් කියන්නේ මොනවාද කියලා? මේක ප්‍රධාන වශයෙන්ම විශාල මීයන් මරා දැමීමට පාවිච්චි කරන ඉතාමත් දරුණු ගණයේ විෂ රසායනයක්! මරණකාරී කොමඩු සාම්පල පරීක්ෂා කරද්දී ඒ තුළත් මේ මී විෂ තිබුණු බව රසායනාගාර අධ්යක්ෂ වෛද්‍ය විජේ තැකරේ තහවුරු කරලා තියෙනවා.
විශේෂඥයන් පවසන විදිහට, මේ රසායනය බඩට ගියහම ආමාශයේ තියෙන අම්ලයත් එක්ක එකතු වෙලා "ෆොස්ෆීන්" කියන මාරාන්තික වායුව නිපදවනවා. මේ වායුව නිසා ශරීරයේ සෛලවලට ශක්තිය නිපදවන එක නතර වෙන අතර, හෘදය සහ පෙනහළු අක්‍රිය කරලා මිනිත්තුවලින් මරණය ළඟා කරන්න පුළුවන්.
මේ සිදුවීමෙන් පස්සේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය (FDA) වහාම ක්‍රියාත්මක වෙලා ප්‍රදේශයේ කොමඩු වෙළෙන්දන් සොයා ගියත්, ඒ වෙලාවේ කිසිම වෙළෙන්දෙක් හොයාගන්න ලැබිලා නැහැ. හැමෝම පැනලා ගිහින්!
පොලිසිය දැන් හොයන්නේ මේ කොමඩු වලට මී විෂ ආවේ කොහොමද කියන එකයි. වගාවන් වලදී පාවිච්චි කරපු විෂක්ද? නැත්නම් වෙළෙන්දා හිතාමතාම කළ දෙයක්ද? කියන එක ගැන පරීක්ෂණ දැන් දරුණු විදිහට ක්‍රියාත්මක වෙනවා.
කන්න කලින් දෙපාරක් හිතන්න! මේ වගේ අනපේක්ෂිත අනතුරු ඕනෑම වෙලාවක වෙන්න පුළුවන්. මුම්බායි ඩොකාඩියා පවුලේ මේ අවාසනාවන්ත නික්මයාම මුළු ලෝකයටම ලොකු පාඩමක්!
You will be redirected in:
60
5

Comments
Post a Comment