පිස්සු හැදෙන ආදරයක්.. මළසිරුරක් එක්ක පාටියක් දාන්න ගිය පෙම්වතියට වැඩ වැරදුණු හැටි.


 ආදරය කියන්නේ පිස්සුවක් කියලා අහලා තිබුණට, මේ වගේ පිස්සු ආදරයක් ගැන මීට කලින් අහලා තියෙනවද? 



තමන්ගේ පෙම්වතා මැරුණට පස්සේ සොහොනට වෙලා අඬන පෙම්වතියෝ ඕනෑතරම් ඉන්නවා. හැබැයි මේ කියන්න යන තරුණිය නම් ඒ හැමෝටම වඩා හාත්පසින්ම වෙනස්.

කොලොම්බියාවේ සන්තැන්ඩර් ප්‍රදේශයෙන් වාර්තා වන මේ අපූරු පුවතට අනුව, 22 හැවිරිදි ඩියාගෝ එක්ස්පෙඩිටෝ මොරේනෝ කියන තරුණයා මීට මාස තුනකට පෙර පිහි ඇනුමකින් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා. පෙම්වතාගේ මරණය දරාගන්න බැරිවුණු ඔහුගේ පෙම්වතිය, පසුගියදා කාටත් හොරෙන් සුසාන භූමියට ඇතුළු වෙලා පෙම්වතාගේ සොහොන හාරලා පෙට්ටිය එළියට අරගෙන!

"එයාට සුවඳ විලවුන් ගාලා, අලුත් ඇඳුම් අන්දවන්න ඕනේ..."ඇය මෙලෙස සොහොන විවෘත කර ඇත්තේ හුදෙක් සිරුර බැලීමට පමණක් නෙවෙයි. ඇයට අවශ්‍ය වී තිබුණේ..

කුණු වී ගිය පෙම්වතාගේ සිරුර නැවත නෑවීමට.
ඒ මත සුවඳ විලවුන් ගැල්වීමට.
ඔහුට අලුත් ඇඳුම් ඇන්දවීමට.
එපමණක් නොව, ඇය සැලසුම් කර තිබුණේ තම මළගිය පෙම්වතාගේ සිරුර සමඟ වාඩි වී මත්පැන් පානය කිරීමටයි!

මේ අමුතු දර්ශනය දැකලා තියෙන්නේ සුසාන භූමියේ සේවකයෙක්. මුලින්ම හොල්මනක් කියලා බය වුණත්, පස්සේ ඔහු දැකලා තියෙනවා තරුණියක් සොහොන් පෙට්ටියක් අසල කරන මේ අරුම පුදුම සත්කාරය. ඔහු වහාම මෙය වීඩියෝ කර පොලිසියට දන්වා තිබෙනවා.

පොලිසිය පැමිණ ඇයව අත්අඩංගුවට ගන්න උත්සාහ කරද්දී, ඇය දැඩි ලෙස කලබල වී පොලිසියට පවා විරෝධය පා තිබෙනවා. තමන්ගේ ආදරවන්තයා වෙනුවෙන් ඇය කළ මේ ක්‍රියාව අවසානයේ ඇයට දඩයක් ගෙවීමට පවා සිදුවූ බවයි වාර්තා වන්නේ.
Redirecting...

You will be redirected in:

60
5

Comments

Popular posts from this blog

"මම ඈතට වෙලා ඔයාලා දෙන්නා දිහා බලන් හිටියා... ඉක්මනට එන්න.." රටම කතා වෙන ශනූ - දින්නා විවාහයෙන් පස්සේ වොල්ගා මුහුණුපොතට එක්කළ ඒ විශේෂ සටහන මෙන්න..

රටම කලඹන කොමඩු අබිරහස! පවුලක් පිටින් සමුගන්න හේතු වූ රහස් රසායනය ගැන මෙන්න සම්පූර්ණ විස්තරය!

හෙට සහ අනිද්දාත් මේ පාසල් වසා තැබේ... මෙන්න නවතම තත්වය ගැන ඇසෙන අලුත්ම කතාව